ශ්රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ක්රිකට් තරගාවලියේදී ප්රසාද ලකුණු ක්රමවේදයකින් ජයග්රාහකයන් තෝරා ගැනීම සඳහා එංගලන්තයේ අවධානය යොමුව තිබේ. එසේම මේ පිළිබඳව එංගලන්ත ක්රිකට් ආයතනය විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය දැනුවත් කර තිබේ.
ඒ අනුව ටෙස්ට් තරග ජයක් සඳහා ලකුණු හයක් (හෝ හතරක්), එක්දින හා විස්සයි20 තරග ජයග්රහණයක් සඳහා ලකුණු දෙකක්ද ටෙස්ට් තරගයක් විසඳුමකින් තොරව අවසන් වුවහොත් ලකුණු දෙක බැගින් කණ්ඩායම් දෙකටම ලබාදීමට මෙහිදි අවධානය යොමුව තිබේ.
මේ හරහා වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමිවෙයි. 2013 වසරේ එංගලන්තය හා ඉන්දියාව අතර පැවැති කාන්තා අලු බඳුන ටෙස්ට් තරගාවලියේදී එංගලන්තය මේ ආකාරයෙන් ප්රසාද ලකුණු ක්රමවේදයක් ක්රියාත්මක කරනු ලැබීය.