රොමේෂ් , කසුන් ඒ සංචිතයට
- 9 10 2014
- 17:16
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා ‘%ඒ^ කණ්ඩායම අතර පැවැත්වෙන සිවුදින තරගාවලියේ පළමු තරගයට නවක ක්‍රීඩකයන් වන වේගපන්දු යවන ක්‍රීඩක කසුන් මධුශංක හා තුන්ඉරියව් ක්‍රීඩක රුමේෂ් බුද්ධික නම්කර තිබේ.
පළමු තරගය හෙට (11දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
රොමේෂ් බුද්ධික පළමු පෙළ තරගවලදී පිතිකරණයෙන් දක්ෂතා පෙන්වා ඇති ක්‍රීඩකයෙකු වන අතර ඔහු පසුගිය මාර්තු මාසයේදී ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් මුවර්ස් කණ්ඩායමට එරෙහිව ද්විත්ව ශතකයක්ද වාර්තා කළේය.
කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබෙන අතර ඒ සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර තිබේ. මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
උපුල් තරංග (නායක), දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, ජෙහාන් මුබාරක්, නිරෝෂාන් දික්වැල්ල, සීක්කුගේ ප්‍රසන්න, ශමින්ද එරංග, විශ්ව ප්‍රනාන්දු, මාධව වර්ණපුර, රොමේෂ් බුද්ධික, තරිඳු කෞෂාල්, කසුන් මධුශංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

