මෙවර යුරෝපානු චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පෙරලිකාරයින් බවට පත් වෙමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත මැන්චෙස්ටර් හා ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායම් සමත් විය. ඒ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තමන් සහභාගි වූ දෙවැනි අදියර තරගයන් ජයග්‍රහණය කරමිනි. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයන්හි තවත් දෙවැනි අදියරෙහි තරග දෙකක් අද (13) සවස පැවැත්වීමට නියමිතය. බයර්න් මියුනිච් (ජර්මානු) හා බෙන්ෆිකා (පෘතුගාල) කණ්ඩායම් ද්විත්වයත් ස්පාඤඤ බාසිලෝනා හා ඇත්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම් ද්විත්වය එහිදී තරග වැදීමට නියමිතය.
රියල් මැඩ්රිඩ් 3-0 වොල්ස්බර්ග්
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ විශිෂ්ඨත්වය නැවතත් පිළිබිඹු කරමින් පිට පිට හයවැනි වරටත් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලික අවසන් පූර්ව වටයට පිවිසීමට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත් විය. ඒ ජර්මානු වී.එෆ්.එල්. වොල්ස්බර්ග් කණ්ඩායම ගෝල 3-0 ක් ලෙසින් පරාජයට ප්ත කරමිනි.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී වොල්ස්බර්ග් හමුවේ ගෝල 2-0 ක් ලෙසින් පරාජයට පත් වීම නිසා රියල් කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය අනිවාර්යයෙන්ම ගෝල තුනක පරතරයකින් යුතුව ජය ගැනීමට අවශ්‍යව තිබිණ.
කෙසේ වෙතත් තරගයේ 15,17හා 77 වැනි මිනිත්තු වලදී වාර්තා කළ ගෝල ත්‍රිත්වයෙන් වොල්ස්බර්ග් කණ්ඩායමේ චැම්පියවන්ස් ලීග් බලාපොරොත්තු සුන් කිරීමට රොනාල්ඩෝ සමත් විය. රොනාල්ඩෝ රියල් කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ 37 වැනි වතාව මෙය විය.
මැන්චෙස්ටර් සිටි 1-0 පැරිස් සෙන්ට් ජර්මේන්
තරගයේ අවසන් භාගයේදී ඩි බ්‍රයන් වාර්තා කළ ගෝලය නිසා චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයයේ සිය කුළුඳුල් සම්ප්‍රාප්තිය සනිටුහන් කිරීමට එංගලන්ත මැන්චෙස්ටර් සිටි කණ්ඩායම සමත් විය. ඒ ප්‍රභල පැරිස් සෙන්ට් ජර්මේන් (ප්‍රංශ) කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක ජයක් හිමි කර ගනිමිනි.
තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් ද්විත්වයටම ගෝල වාර්තා කිරීමේ පහසු අවස්ථා හමුවුවද දෙපාර්ශවයේම දැල් රකින්නන්ගේ දක්ෂ ක්‍රීඩා විලාශය නිසා එම උත්සාහයන් මග හැරී ගියේය.