ඉන්දියානු ප්‍රිමියර් ලිග තරගාවලිය යටතේ හයිද්‍රාබාද් සන්රයිසස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයලස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් කණ්ඩායම සමත්විය.
ලකුණු 134ක ජයග්රාහි ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායමට අවසන් පන්දුවාරය තුළදී ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් අවශ්‍යව තිබූ අතර ජේම්ස් ෆෝල්ක්නර් පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් රාජස්ථාන් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දුන්නේය.
තරගයේ වීරයා ලෙස රාජස්ථාන් කණ්ඩායමේ අජින්ක්‍යා රහානේ සම්මාන ලැබීය.
හයිද්‍රාබාද් 133/6 (පන්දුවාර 20)
ශිකර් දවාන් 38 (පන්දු 34, 4x3, 6x1)
ඩේවිඩ් වෝනර් 32 (පන්දු 35, 4x1)
කේන් රිඩච්සන් 2/25 (පන්දුවාර 4)
රාජස්ථාන් 135/6 (පන්දුවාර 19.3)
අජින්ක්‍යා රහානේ 59 (පන්දු 53, 4x6)
ස්ටුවර්ටි බිනී 48* (පන්දු 32, 4x4, 6x1)
අමිත් මිස්රා 2/26 (පන්දුවාර 4)
ජායාරූපය BCCI ඇසුරෙනි