www.ada.lk
2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා
කොළඹ රාජකීය විදුහල ලකුණු 47 – 12ක් ලෙස පරාජය කර 07 වැනි වරටත් මයිලෝ ජනාධිපති කුසලාන රග්බි ශූරතාව (20 න් පහළ) තමන් සතු කරගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම තරගාවලියේ අවසන් තරගය ඊයේ (13දා) කොළඹ තුරඟ තරග පිටියේදී නිමාවට පත්විය.
තරගයේ පළමු අර්ධයේදීම රාජකීයයන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් එම අර්ධය අවසනදී ලකුණු 19-07 ක් ලෙස ඉදිරියෙන් පසු වීමට ඉසිපතන විදුහල සමත් වූ අතර දෙවැනි අර්ධය සම්පූර්ණයෙන්ම ඔවුන් අණසකට යටත් කර ගත්තේ දක්ෂ වේගවත් ක්‍රීඩා රටාවකට අවතීර්ණ වෙමිනි.
ඉසිපතන ක්‍රීඩකයෝ ගෝල දිනුම් 6 ක් හා එක් උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර රාජකීයයන්ගේ ලකුණු සටහන් වූයේ ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාර කර ගනිමිනි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉසිපතන විදුහලේ හරිත් උදාර බණ්ඩාර සම්මාන දිනාගත්තේය.
popular news
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
සංචිතය ඩො.බි. 6.5ක් දක්වා පහතට
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
මොනරාගලින් ප්‍රධාන ගංඟා කිහිපයක් ගියත් එහි ප්රතිලාභ මොනරාගලට නෙමෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd