රංගන වෙනුවට වැන්ඩසේ කණ්ඩායමට
- 28 11 2017
- 15:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ඉන්දියාව හා පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ සංචිතයට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඒ නැවත වරක් කොන්දේ ආබාධය උත්සන්න වී ඇති රංගන හේරත් වෙනුවටය.
දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 02දා දිල්ලි හි පැවැත්වීමට නියමිතය. නාග්පූර් තරගයේදී රංගන හේරත් ඉන්දියාව ක්‍රීඩා කළ එක් ඉනිමේදී පමණක් පන්දුවාර 39ක් යොමුකළේය.
ටෙස්ට් සංචිතය තුළ තවත් දඟ පන්දු යවන්නෙක් වෙන ලක්ෂාන් සඳකැන් සිටියදී වැන්ඩසේ මෙසේ කණ්ඩායමට නම්කර ඇත.
එක්දින තරග 11ක්, විස්සයි20 තරග 7ක් ක්‍රිඩා කර ඇති වැන්ඩසේ තවමත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

