ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 4 වැනි වරටත් සංවිධානය කරන අම්බලන්ගොඩ මාදම්පා ගඟේ අත්තබඩ තොටුපලේ ඊයේ (04දා) කිලෝමීටර් පහ විවෘත ගංගා පිහිනුම් තරගාවලියේ සමස්ත පිරිමි හා කාන්තා ශූරතා ද්විත්වයම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලයේ එස්. තරිඳු උදයංග හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ජී. ශෂිනි නවෝද්‍යා සම්මාන දිනා ගත්හ.
තරගාවලියේ ලකුණු 47 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාවට විවෘත පිරිමි අශයේ ශූරතාවද, ලකුණු 46 ක් ලබාගත් අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාලයම එහි අනුශූරතාව, ලකුණු 6 ක් ලබාගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එහි තෙවැනි ස්ථානයට හිමිවිය. ලකුණු 42 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදාවටම විවෘත කාන්තා අංශයේ ශූරතාවද, ලකුණු 18 ක් ලබාගත් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එහි අනුශූරතාවද හිමිවිය.
අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලයේ එස්. තරිඳු උදයංග විවෘත පිරිමි අංශයේ ශූරතාවද, මාදම්පා මහා විද්‍යාලයේම ටී.එම්. දසුන් නයනජිත් අනුශූරතාවද, ශ්‍රී ලංකා ලංකා යුද හමුදාවේ ටී.එම්.කේ.එස්.අයි. ද සිල්වාට තෙවැනි ස්ථානයද දිනා ගත්හ.
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ශෂිනි නවෝද්‍යා විවෘත කාන්තා අංශයේ ශූරතාවද, ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්. වජිරා දයන්ති ද සොයිසා අනුශූරතාවද, ශ්‍රී ලංකා යුද හමුදාවේම පී.ජී.සී. ජිනාදරී තෙවැනි ස්ථානයද දිනාගත්හ.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත