ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි ජයග්රහණය සනිටුහන් කිරීමට යුද හමුදා කණ්ඩායම අද (16දා) පස්වරුවේ සමත් විය. ඒ සී.එච් ඇන්ඩ් එෆ්.සී.කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 17-15 ක තියුණු ජයක් ලබමිනි.
කොළඹ රාජකීය විදුහල් ක්රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේදී යුද හමුදාව ගෝල දිනුම් දෙකක් හා දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය ලකුණු රැස්කළ අතර, දඬුවම් පහර පහක් සාර්ථක කරගනිමින් සී.එච්. කණ්ඩායම සිය ලකුණු 15 රැස් කළේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ