ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලිය ජයග්රහණයකින් අවසන් කීරීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ හත්වැනි සතියේ පැවති තරගයකින් ගුවන් හමුදාව ලකුණු 33-32 ක තියුණු ජයක් වාර්තා කරමිනි.
කොළඹ තුරඟ තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදී යුද හමුදාවට දැඩි පීඩනයක් එල්ල කළ ගුවන් හමුදාවෝ එම අර්ධය නිමාවේදී ලකුණු 22-12 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී එම පිඩනය සාර්ථකව ගුවන් හමුදාව වෙතට හැරවීමට යුද හමුදා ක්රීඩකයින් සමත් වීම කැපී පෙණින.
ජයග්රාහී යුද හමුදාව ගෝල දිනුම් 4 ක් හා එක් උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ගුවන් හමුදාව ගෝල දිනුම් 3 ක්, එක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළහ.
මෙම තරගයත් සමග තරගාවලියේ පළමු අදියරේ තරග අවසන් විය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය