ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන එෆ්.ඒ. කුසලාන පිළමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පසුගිය වර ශූරයින් වූ යුද හමුදා ක්රීඩා සමාජය හා ජාවා ලේන් ක්රීඩා සමාජය සමත් විය. ඒ ඊයේ (13) පැවති තරගාවලියේ අවසන් පූර්ව තරගයන්ගෙන් ජයග්රහණ වාර්තා කරමිනි. මෙහිදී යුද හමුදා ක්රීඩා සමාජය හමුවේ ගෝල 3-2 ක පරාජයක් ලැබීමට කොළඹ ක්රීඩා සමාජයට සිදුවූ අතර ජාවාලේන් හමුවේ තියුණු තරගයකින් අනතුරුව දඩුවම් පහර 5-3 ක් ලෙසින් පරාජයට පත් වීමට සෝන්ඩර්ස් ක්රීඩා සමාජයට සිදුවිය.
කොළඹ හා යුද හමුදා අතර තරගයේ අවස්ථාවක්
සෝන්ඩර්ස් හා ජාවා ලේන් අතර තරගයේ අවස්ථාවක්
ඡායාරෑප- ඕෂිත වරකපිටිය