මෝනි මෝකල් දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි
මෝනි මොකල්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද (16දා) සමත්විය.
ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකිවිය.
පර්ත්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නේය. ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 154 ට සීමා කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ මෝනි මෝකල් කඩුලු පහක් බිඳහෙළීය. ඔහුට අගනා සහායක් ලබාදුන් ඩේල් ස්ටේන් කඩුලු පහක් දවාලීය.
ලකුණු 155 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 27.4 අවසානයේදී කඩුලු හතක් පමණක් වැය කර එම ඉලක්කය පසුකර ගියේය.
නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඒ.බී. ඩිවිලියර්ස් අර්ධ ශතකය ආසන්නයේදී දැවී ගියේය. තරගයේ වීරයා ලෙස මෝනි මෝකල් සම්මාන ලැබීය.
දෙරට අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය එළැඹෙන 19 වැනිදා කැන්බරාහිදී පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාව 154/10 (පන්දුවාර 41.4)
මිචෙල් මාෂ් 67 (පන්දු 88, 6x2, 4x3)
ජෝජ් බේලි 25 (පන්දු 45, 4x2)
මෝනි මෝකල් 21/5 (පන්දුවාර 10)
ඩේල් ස්ටේන් 35/3 (පන්දුවාර 7.1)
දකුණු අප්‍රිකාව 155/07 (පන්දුවාර 27.4)
ඒ.බී. ඩිවිලියර්ස් 48 (පන්දු 41, 4x8)
රිලී රොසෝව් 30 (පන්දු 25, 4x6)
ජෝස් හැසෙල්වුඩ් 31/5 (පන්දුවාර 9.4)
ග්ලේන් මැක්ස්වෙල් 20/1 (පන්දුවාර 3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
