බොක්සිං පිටියේ බිහිවූ සුවිශේෂී මෙන්ම ලෝක ක්රීඩාවේ බිහිවූ සුවිශේෂී ක්රීඩකයෙකු වන මොහොමඩ් අලි සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. රෝගි තත්ත්වයක් හේතුවෙන් ඊයේ (03දා) රාත්රියේදී ඇමෙරිකාවේ ඇරිසෝනා ප්රාන්තයේ රෝහලකට අැතුළත්විමෙන් පසුව ඔහු මියගොස් තිබෙනවා.
මිය යන විට 74 වැනි වියේ පසුවූ අලි තෙවතාවක්ම ලොක හෙවිවෙයිට් බොක්සිං කිරුළට හිමිකම් කී ක්රීඩකයෙක් වෙනවා. අලි පාකින්සන් රෝගයෙන්ද පෙළුණු හිටපු ක්රීඩකයෙක් වෙන අතර ශ්වසන ආබාධයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබුණි.
ක්ලැසියස් ක්ලේ නමින් මුලින්ම හැදින්වූ අලි පසුව සිය නම මොහොමඩ් අලි ලෙස වෙනස් කර ගන්නවා. 1981 වසරේදී බොක්සිං වළල්ලට සමුදුන් අලි ඔලිම්පික් රන් පදක්කමකටද හිමිකම් කියනවා.
වෘත්තීමය බොක්සිං තරග 61කට ක්රීඩා කර ඇති අලි එයින් තරග 53ක් ජයගෙන තිබෙනවා. 1999 වසරේදී අලි සහස්රයේ ක්රීඩකයා ලෙසින්ද සම්මානයට පාත්ර වූණා.