ආජන්ටිනා ජාතික සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසීට ජාත්‍යන්තර පාපන්දු තරග හතරක තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේනය කටයුතු කර තිබේ.
ආජන්ටිනා කණ්ඩායම හා චිලී කණ්ඩායම අතර පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී සහායක තරග තීරකයෙකුට අපහාස වන වචනයෙන් බැන වැදීම මෙසීට එල්ල වී ඇති චෝදනාවයි.
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති තරගයේදී මෙසේ මේ අයුරින් හැසිරී තිබේ. තරගය ගෝල 1-0 ක් ලෙස ජයගැනීමට සමත්වූයේත් ආජන්ටිනා කණ්ඩායමයි. ඒ මෙසී දඩුවම් පහරක් සාර්ථක කර ගනිමිනි.