පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි රන් පන්දුව ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීට පිරිනැමුවද තමන් එයට එකඟ නොවන බව ආර්ජන්ටිනාවේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන ඩියාගේ මැරඩෝනා පවසයි.
අද (14දා) අලුයම නිමාව දුටු ලෝක කුසලාන තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසින් මෙසී සම්මාන ලැබීය. කෙසේ වෙතත් මෙම සම්මානය හිමිකර ගැනීමට තරම් මෙසී දක්ෂතා නොදැක්වූ බව මැරඩෝනා සඳහන් කරයි.
ඔහු පවසන්නේ නොකවුට් වටවලදී මෙසී දක්ෂතා අතරට ළඟාවීමට අපොහොසත් වූ බවයි.
“ඔහුට එය ලබාගැනීම සඳහා උඩට යන්නත්, එය ලබාගැනීමටත් අවශ්‍යතාවක් නොතිබුණ බව මට දැකගන්න පුළුවන් වුණා” යැයි මැරඩෝනා පවසයි.