මෙවර ටෙනිස් ජාතික ශූරයා වන්නට ෂාමල් දිසානායක සමත් විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී තරග වට 2-0 ක පහසු ජයක් හිමි කර ගනිමිනි. කොළඹ ටෙනිස් සම්මේලන මූලස්ථානයේදී අද (12) පැවති අවසන් මහා තරගයේදී පහසුවෙන් සිය ජයග්රහණය තහවුරු කර ගත් ෂාමල් සිය ප්රතිවාදියා පරාජයට පත් කලේ 6-0 ක් හා 6-0 ක් ලෙසිනි. ශ්රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කලේය.