මුදල් නිසා ක්‍රිකට් කණ්ඩායම පාවාදෙන්නේ නෑ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය යහපත් මට්මක පවතින බවත්, එමනිසා ඉන්දියානු තරග සංචාරයෙන් ලැබෙන මූල්‍ය වරප්‍රසාද ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියට සහභාගීවීමට අනුමැතිය නොදුන් බවත්, එවැනි අරමුණක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කළේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටින්නේ මානසික ලෙඩ්ඩු පිරිසක් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරි වර්ෂයේ අයවැය පිළිබඳව නාරාහේන්පිට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“පුද්ගලයන්ට එක එක විදියට කියන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ ඉන්දියාවත් සමග ක්‍රීඩා කළොත් පමණයි. එමනිසා ආර්ථික මූල්‍ය වාසියක් ලැබුණා. නමුත් ශ්‍රී ලංකාවට විශාල මුදලක් ලැබෙනවා කියලා කණ්ඩායම පාවාදෙන්නේ නැහැ. එහෙමනම් ක්‍රිකට් පාලක මණ්ඩයේ ඉන්නේ මානසික ලෙඩ්ඩු වෙන්න ඕන.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා තේරීම් කමිටුව ඉදිරි ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන මේ සියල්ල තීරණය කරන්නේ. ඔවුන්ගේ විධායක කමිටුවක් තියෙනවා. ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කරනවා. තරගාවලි දිනන කොට හොඳයි පරදිනකොට දොස් කියනවා. අපි ඉන්දියානු තරගාවලිය පරාජයවුණ එක ඇත්ත. නමුත් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව අපට පරාජය වෙයි” යැයිද පැවැසීය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

