මීළඟ ක්රිකට් පුහුණුකරු විදේශිකයෙක්?
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ධුරය සඳහා විදේශීය පුහුණුකරුවෙකු බඳවා ගැනීම සඳහා නව නිලධාරී මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.ඒ පිළිබඳව වන සාකච්ඡා මේ වනවිටත් නව නිලධාරී මණ්ඩලයේ සාමාජිකයන් අතර ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් ශ්රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකරුවා කවුරුන්දැයි යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැත.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මේ වනවිට නවසීලන්තයේ තරග සංචාරයක නිරතව සිටින අතර, කණ්ඩායම පැමිණීමෙන් පසුව නව පුහුණුකරු පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මාවන් අතපත්තු මහතා තනතුරින් ඉල්ලා අස්වීමත් සමග තාවකාලික පුහුණුකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා කටයුතු කළේය.
කෙසේ වෙතත් ජාතික පුහුණුකරු සඳහා ශ්රී ලංකාවේ පුහුණුකරුවෙකු බඳවා ගැනීම පිළිබඳව ක්රීඩා ක්ෂේත්රයට සම්බන්ධ ඇතැම් විචාරකයන්ගේ අප්රසාදයට පත්ව තිබුණි. බොහෝ පිරිසකගේ අදහස වූයේ ජාතික ක්රිකට් පුහුණුකරු තනතුර විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීම සුදුසු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

