දකුණු ආසියානු ක්‍රිඩා උලෙළේ මැරන් ධාවන තරග වලින් රිදි පදක්කම් දෙකක් හිමිකර ගැනිමට ශ්‍රී ලංකාව සමත්වුණා.
එයින් පළමු රිදී පදක්කම දිනා දුන්නේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේය. දෙවැනි රිදී පදක්කම දිනාදුන්නේ ගීතානි රාජසේකරයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වරම් හිමිකර ගෙන සිටින අනුරාධට මැරතන් ඉසව්වේ රිදී පදක්කමින් සෑහිමකට පත්වූණේ තත්පරයක වෙනසකින්.
කෙසේ වෙතත් අනුරාධගේ බලාපොරොත්තු වූ රන් පදක්කම රිදී පදක්කමක් වීම පිළිබඳව වන චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරිත්වයට එල්ල වී තිබෙනවා.
ඒ සන්නිවේදනය හරිහැටි සිදු නොවිම හේතුවෙන් තරගයේ නිමාව සඳහා ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ වට තුනක් දිවීමට ක්‍රිඩකයන්ට සිදුව තිබුණා.
නමුත් එය වට හතරක් බවට අනුරාධ සිතා සිටී හෙයින් ඔහු තවත් වටයක් ඉතිරිව ඇති බව සිතමින් ඉන්දීය ක්‍රීඩකයාට මදක් පසුපසින් ගමන් කළා.
නමුත් එකවරම ඉන්දීය ක්‍රීඩකයා තරගය නිමාකිරීම හේතුවෙන් ඉන්දිකට රන් පදක්කම අහිමි වුණා.
ඡායාරූප කසුන් කැලුම්