ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්ව ඉනිමත්, දිනේෂ් චන්දිමාල් හා ජෙහාන් මුබාරක් ඔහුට දැක්වූ අනගි සහායත් හේතුවෙන් සංචාරක පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 291කින් ඉදිරියට පැමිණීමට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (05දා) සමත්විය.
ඒ අනුව තෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු පහක් දැවී ලකුණු 228ක් රැස්කරගෙන සිටියි.
සිය පළමු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන කණ්ඩායම ලකුණු 215කට සීමාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භකළේ පාකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 63ක් ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 35 ඇතුළත දවාගැනීමට පාකිස්තාන වේගපන්දු යවන්නෝ සමත්වූහ. නමුත් සිය අන්තය ආරක්ෂාකරගත් උපුල් තරංග වේගවත් ලකුණු 48ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීය. ඔහුගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි මුබාරක් හා එක්වූ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 81 සබඳතාවක් ගොඩනගිමින් ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ශක්තිමත් කළේය. මුළු ලකුණු සංඛ්‍යාව 161දී මුබාරක් දැවී ගිය පසු පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් හා එක්ව පස්වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 67ක සබදතාවක් පැවැත්වීමට නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
පසුගිය 03දා පල්ලෙකැලේ පිටියේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නේය. එම තීරණය පාකිස්තානය විසින් ගත් නිවැරදි තීරණයක් බවට පත්වූයේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් මුළු ලකුණු සංඛ්‍යාව 15දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ මෑත කාලීනව නැංගුරම බවට පවත්ව තිබෙන කෞෂාල් සිල්වා දවා ගැනීමට රාහත් අලී සමත්වීමත් සමගිනි.
කසේ වෙතත් උපුල් තරංග හා දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ඉනිම ලකුණු 106 දක්වා රැගෙන ඒමට සමත්විය. මෙම තරගයට කුමාර් සංගක්කාර ක්‍රීඩා නොකළ හෙයින් ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස උපුල් පිටියට පිවිසියේය.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන ගියේය. වසර අටකට පසුව නැවතත් ටෙස්ට් පිටියට පැමිණීමට ජෙහාන් මුබාරක් මෙම තරගයේදී සමත්වූ අතර ඔහු කණ්ඩායමට පැමිණීම හේතුවෙන් කිත්රුවන් විතානගේට කණ්ඩායමේ ස්ථානය අහිමිවිය.
පාකිස්තාන පළමු ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ සෆ්රාස් අහමඩ් නොදැවී ලකුණු 78ක් රැස්කළේය.
මෙම තරගයේදී නවක ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ආබාධයක් හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබෙන අතර රංගන හේරත්ටද කණ්ඩායමේ ස්ථානය වෙන්නොවීය. ඒ අනුව සුරංග ලක්මාල්ට හා නුවන් ප්‍රදීප්ට කණ්ඩායමේ ස්ථානය හිමිවිය.
ශ්‍රී ලංකා පළමු ඉනිම 215/10 (පන්දුවාර 66)
දිමුත් කරුණාරත්න 130 (පන්දු 230, 4x14), උපුල් තරංග 46 (පන්දු 92, 4x06), ජෙහාන් මුබාරක් 25 (පන්දු 63, 4x4), දිනේෂ් චන්දිමාල් 24 (පන්දු 41, 4x2), යසීර් ෂා 78/5 (පන්දුවාර 31.5), රාහත් අලී 74/3 (පන්දුවාර 21), අසාර් අලී 35/2 (පන්දුවාර 7)
පාකිස්තානය පළමු ඉනිම278/10 (පන්දුවාර 89.5)
සෆ්රාස් අහමඩ් 78* (පන්දු 104, 4x6), අසාර් අලී 52 (පන්දු 96, 4x8), අහමඩ් ශේෂාඩ් 21 (පන්දු 29, 4x5), ධම්මික ප්‍රසාද් 78/3 (පන්දුවාර 19), නුවන් ප්‍රදීප් 29/3 (පන්දුවාර 15), තරිඳු කෞෂාල් 37/3 (පන්දුවාර 14)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම228/05 (පන්දුවාර 69.4)
උපුල් තරංග 48 (පන්දු 47, 4x6),ඇන්ජලෝ මැතිව්ස් 77* (පන්දු 177, 4x6, 6x1), දිනේෂ් චන්දිමාල් 39* (පන්දු 47, 4x5), ජෙහාන් මුබාරක් 35 (පන්දු 94, 4x6)රාහත් අලී 58/2 (පන්දුවාර 15),ඒශාන් අඩිල් 46/1 (පන්දුවාර 14), යසීර් ෂා 70/2 (පන්දුවාර 25)
ඡායාරූප ශාන්ත රත්නායක