ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශයක් ලබාදීම සඳහා එළැඹෙන සඳුදා (18දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණීමට නියමිතය.
කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත් තරග පාවාදිම සඳහා සම්බන්ධ කර ගැනීමට කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු දරූ උත්සායහක් පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙයි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදාළ පැමිණිල්ල මූල්‍ය අපරාධ ඒකකයට ඉදිරිපත් කරන ලදී.
කුසල් හා රංගන තමන්ට කළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවෙයි. පසුව කුසල්ට තහනම් උත්තේජන චෝදනාවක් එල්ල විය.