ඉතාමත් ඉක්මනින්ම නැවතත් ක්‍රිකට් පිටියට පැමිෙණන බව අාබාධයකට ලක්ව අැති ශ්‍රී ලංකා කණ්ඩායෙම් නායක අැන්ජලෝ මැතිව්ස් පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් මැතිව්ස් මේ බව පැවැසීය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම හා දඹුල්ලේ පැවැති සිවුවැනි එක්දින තරගය අතර තුළ මැතිව්ස් දකුණු කෙන්ඩේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට පස්වැනි එක්දින තරගය හා ඉතිරි විස්සයි20 තරග දෙකද අහිමිවිය.
දෙරට අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් එක්දින තරගය අනිද්දා 4දා පල්ලේකැලේ පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිවිමට නියමිතය.කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විටත් ඔස්ට්‍රේලියාව ජයගෙන අවසන්ය.