මැක්ස්වෙල් පන්ජාබයට තෙවැනි ජයත් ගෙනෙයි
පන්ජාබ් ඉනිම ඔසවා දැමූ ග්ලෙන් මැක්ස්වෙල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයකර ඊයේ (22දා) රාත්‍රියේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 72ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත්විය. මෙම ජයග්‍රහණය ඔවුන් මෙවර තරගාවලියේ නොකඩවා ලැබූ තෙවැනි ජයග්රහණයද විය.
ලකුණු 194ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121ක් පමණි.
සන්රයිසස් ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 193ක් රැස්කිරීමට සමත්විය.
සුපුරුදු පරිදි ලකුණු අතරට පැමිණෙමින් පන්ජාබ් ඉනිම ඔසවා තැබූ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 43කදී ලකුණු 95 රැස්කිරීමට සමත්විය. එය ඔහු මෙවර තරගාවලියේ පිට පිට ලැබූ තෙවැනි අර්ධ ශතකයද විය. තරගයේ වීරයා ලෙසද මැක්ස්වෙල් සම්මාන හිමිකරගත්තේය.
පන්ජාබ් 193/6 (පන්දුවාර 20)
ග්ලෙන් මැක්ස්වෙල් 95 (පන්දු 43, 4x5, 6x9)
චෙටෙෂ්වර් පුජාරා 35 (පන්දු 32, 4x6)
විරේන්ද්‍ර ශෙවාග් 30 (පන්දු 22, 4x2, 6x3)
භුවනේෂ්වර් කුමාර් 19/3 (පන්දුවාර 4)
අමිත් මිශ්රා 56/2 (පන්දුවාර 4)
හයිද්‍රාබාද් 121/10 (පන්දුවාර 19.2)
ලෝකේෂ් රාහුල් 27 (පන්දු 27, 4x1, 6x1)
ආරොන් ෆින්ච් 19 (පන්දු 15, 4x2, 6x1)
ඩැරන් සාමී 15 (පන්දු 11, 6x1)
ලක්ෂ්මිපති බලාජී 13/4 (පන්දුවාර 4)
මිචෙල් ජොන්සන් 26/2 (පන්දුවාර 4)
	
ඡායාරූප BCCI
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                