(VIDEO)2006 වසරෙදී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ කළ තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් දවාගත් ආකාරය සම්බන්ධයෙන් ඊට වසර 10කට පසු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් කටයුතු කරනු ලැබීය.
ඒ අනුව එම තරගයේදී නොදැවී ශතකයක් ලබාගෙන සිටි ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගෙන් මෙන්ම දුවද්දී දැවීයාමට හසුවූ මුරලිගෙන්ද මැකලම් සමාව ගත්තේය.
2006 වසරේ දෙසැම්බර් මාසයේදී ක්‍රියිස්චර්ච්හි පැවැති ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ලට මුරලි හා සංගා ක්‍රීඩා කරමින් සිටියේය. තරගයේ 9 වැනි කඩුල්ල ලෙස ලසිත් මාලිංග දැවී ගිය පසු මුරලි පිටියට පිවිසියේය.
ඒ වන විට කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු තත්ත්වය එවිට දැක්වූයේ කඩුලු 9ට ලකුණු 143ක් ලෙසයි. කෙසේ වෙතත් මුරලි සමග එක්වූ සංගා සිය තරගයේදී සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත්විය.
සංගා ශතකය ලබාගැනීමට පළමු ලකුණ සම්පූර්ණ කිරීමෙන් පසුව මුරලි ඔහුට සුබ පැතීමට සංගා දෙසට යොමුවන විට කඩුලු රකිමින් සිටි බ්‍රෙන්ඩන් මැකලම් මුරලිව දුවද්දී දැවී යාමකට හසුකර ගනියි. එම දවාගැනීම නීතියට අනුකූල වුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණය බිඳ වැටුණු අවස්ථාවක් බවට බොහෝ දෙනෙක් ඒ පිළිබඳව මත පළ කළේය.
කෙසේ වෙතත් ඉන් වසර 10කට පසුව ඒ සම්බන්ධයෙන් මුරලිගෙන් මෙන්ම සංගාගෙන් සමාව ගැනීමට කටයුතු කළේ එම අවස්ථාවේ ක්‍රීඩාවේ ජීවගුණය බිඳ වැටුණු බවට මැකලම්ද පිළිගනිමිනි. ලෝඩ්ස් පිටියේ ඊයේ (06දා) පැවැති උත්සවයකදී මැකලම් මෙම සමාව ගැනීම සිදුකළ අතර ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරද එම අවස්ථාවට එක්වි සිටියේය. තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමටත් නවසීලන්ත කණ්ඩායම මෙම තරගයේදී සමත්විය.
VIDEO
මැකලම් මුරලි දවාගැනීමේ පසුව...