නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්ගේ වේගවත් ලකුණු 195 හෙතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට අද (26දා) තරගය නිමා කරන විට නවසිලන්ත කණ්ඩායම කඩුලු හතකට ලකුණු 429ක් රැස්කළේය.
ඒ සඳහා ඔවුන්ට වැයවූයේ පන්දුවාර 80.3කි. ඔවුන් පන්දුවාරයකට ලකුණු 5ට වඩා වැඩි දළ ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගැනිම කැපී පෙනෙන් සාධකයක් විය.
නවසීලන්තටෙස්ට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමටත් මැකලම් මෙහිදී සමත්විය. ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 74ක් පමණි.
හෙට (27දා) තරගයේ දෙවැනි දිනයයි. මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ 128වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් තරිඳු කෞෂාල් ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.