LIVE - පළමු තරගය ලංකාව පරාදයි
(UPDATE)
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 96 පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය ජයග්රහණයක් ආරම්භ කිරීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්වයි. දකුණු අප්රිකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 300ක ඉලක්කය හඹාගිය ශ්රි ලංකා කණ්ඩායමට පන්දුවා 41.3 අවසානයේදී සියලු දෙනා දැවි රැස්කළ හැකිවූයේ ලකුණු 203ක් පමණි. නායක උපුල් තරංග අර්ධ ශතකයක් රැස්කළේය. ඊට අමතරව කුසල් පෙරේරා හා නිරෝෂන් දික්වැල්ල ශ්රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු රැස්ක ක්රීඩකයෝ වූහ. තරගයේ වීරයා ලෙස කඩලු 4ක් හා එක් දුවද්දී දැවී යාමක් ලබාගත් ඉම්රාන් තාහීර් සම්මාන ලැබීය.

අද තරගයේ නායකයා වශයෙන් කටයුතු කරන උපුල් තරංග සිය එක්දින දිවියේ 32 වැනි අර්ධ ශතකය රැස්කර ගැනීමට සමත්විය. කෙසේ වෙතත් ලකුණු 57ක් රැස්කරගෙන සිටි තරංග ඉම්රාන් තාහීර්ගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් වෙත උඩ පන්දුවක් ලබාදෙමින් පිටියෙන් ඉවත්විය.
ශ්රී ලංකා කණ්ඩායමට තරගයේ ජයග්රහණය සඳහා පන්දුවාර 24කදී ලකුණු 153ක් රැස්කරගත යුතුය. කුසල් පෙරේරා හා අසේල ගුණරත්න පිටියේ රැදී සිටිති. තවත් පිතිකරුවෙක් ලෙස පිටියට පිවසීමට සිටින්නේ සීක්කුගේ ප්රසන්න පමණි.
දකුණු අප්රිකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 300ක ඉලක්කයක හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේදී කඩුලු 4ට ලකුණු 117ක් රැස්කරගෙන සිටියි. 18 වැනි පන්දුවාරය ක්රියාත්මක කළ ඉම්රාන් තාහීර්ගේ පන්දුවාරයේදී දිනේෂ් චන්දිමාල් දුවද්දී දැවී යාමකටත්, චාමර කපුගෙදර කඩුලු මුවා කිරමේ වරදයටත් හසුවිය.
නායක උපුල් තරංග ලකුණු 41ක් රැස්කරමින් නොදැවී පිටියේ රැඳී සිටින අතර කුසල් පෙරේරා තවමත් ලකුණු ලබාගෙන නොමැත.
දැවී ගිය ක්රිඩකයන්
නිරෝෂන් දික්වැල්ල - 41 (පන්දු 33)
කුසල් මෙන්ඩිස් - 11 (පන්දු 10)
දිනේෂ් චන්දිමාල් - 12 (පන්දු 21)
චාමර කපුගෙදර - 0 (පන්දු 1)
2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව සිය ප්රථම එක්දින තරගයට ලසිත් මාලිංග අද (03දා) ක්රීඩා කිරීමට නියමිතය. ඒ ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දකුණු අප්රිකා කණ්ඩායමට එරෙහි තරගයටය.
ආබාධයක් හේතුවෙන් මෙම තරගයට නායක ඇන්ජලෝ මැතිව්ස් ක්රීඩා නොකරන අතර උපුල් තරංග කණ්ඩායම මෙහෙයවයි.කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකිමට තීරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

