ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවෙන් ලසිත් මාලිංග ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස නිර්දේශ කරන තුරු අයි.පී.එල්. ඇතුළු කිසිදු විදේශීය තරගාවලියකට සහභාගිවීමට අවසර නොදෙන බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. සභාපතිවරයා මේ බව පැවසුවේ, අද (12දා) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ අතර තවදුරටත් කරුණු දැක්වූ සභාපතිවරයා පැවැසුවේ ක්‍රිකට් ආයතනය විවේචනය කිරීම සම්බන්ධයෙන් මාලිංගට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් කරන බවත් ඒ සඳහා කරුණු මේ වන ඒකරාශී කරමින් සිටින බවත්ය.