හිටුපු විස්සයි20 නායක ලසිත් මාලිංගගේ ආබාධ තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්රිටක් ආයතනයේ වෛද්‍යවරුන් ඉදිරියේ ඔහුගේ පරීක්ෂණය එළැඹෙන 20 දා සිදුකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එසේම මේ වන විට මාලිංග ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට ගොස් සිටින අතර ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහු ඉන්දියාවට යාම සඳහා හෝ අයි.පී.එල්. තරගාවලියට ක්‍රිඩා කිරිම සඳහා ක්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැති බවයි.
මාලිංග කිසියම් රටක සංචාරය කිරීම, ප්‍රෙක්ෂකයෙකු ලෙස සිටීම හෝ පුහුණු සැසිවලට එක්වීමට ක්‍රිකට් ආයතනය තහනම් නොකරන නමුත් ඔහු තරගයකට ක්‍රීඩා කරයි නම් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර ලබාගත යුතු බවද (NOC) එම නිවේදනයේ සඳහන් වෙයි.