ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට සහභාගීවීමට ඇත්තේ අවම ඉඩක් බව ඔහු ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් සඳහන් කරයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී පොන්ටින් මේ බව අණාවරණය කර තිබේ. කෙසේ වෙතත් පළමු තරග පහෙන් පසුව මාලිංග වෙනුවට ක්‍රීඩකයෙකු ආදේශ කරනවාද නැත්ද යන්න තීරණය කරන බවද ඔහු මෙහිදී පවසා තිබේ.
"මම විශ්වාස කරනවා තරග කිහිපයකින් පසුව ඔහු කණ්ඩායමට එක්වෙයි කියලා"