ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩ පස්වැනි පරාජයත් විඳීමට පසුගියවර ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ (30දා) සිදුවිය. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේදී සන්රයිසස් හයිද්‍රාබාද් සමග පැවති තරගයෙන් ලකුණු 15 ක පරාජයක් ලැබීමත් සමගය.
ලකුණු 173 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157 ක් පමණි. මුම්බායි ඉනිමේ අවසන් පන්දුවාර කීපය තුළදී ක්‍රියාත්මක වූ කිරන් පොලාඩ් පන්දු 48 කදී වේගවත් ලකුණු 78 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය මුම්බායි වෙත රැගෙන ඒමට දැඩි සටනක නිරත වුවත්, ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය. හයිද්‍රාබාද් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ බුවනේෂ්වර් කුමාර්, ඩේල් ස්ටේල් හා ඉර්ෆාන් පතාන් කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත්වූහ.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 172 ක් රැස්කිරීමට සමත්විය. නැවතත් සිය සුපුරුදු රිද්මය පැමිණි ඩේවිඩ් වෝනර් පන්දු 51 ක් තුළ ලකුණු 65 ක් රැස් කිරීමට සමත්වූයේ හතරේ පහරක් හා හයේ පහර 4 ක්ද ඊට එක්කරමිනි. ඔහුට අගනා සහායක් ලබාදුන් ලොකේෂ් රාහුල් පන්දු 40 ක් තුළ ලකුණු 46 ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 111 ක සම්බන්ධතාවයක් එක් කරමින් හයිද්‍රාබාද් ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමෙන් ලසිත් මාලිංග එක් කඩුල්ලක් බිඳ හෙලීය. තරගයේ වීරයා සම්මානය බුවනේෂ්වර් කුමාර්ට හිමිවිය.
සන්රයිසස් හයිද්‍රාබාද් 172/5 (පන්දුවාර 20)
ඩේවිඩ් වෝනර් 65 (පන්දු 51, 4x1, 6x4)
ලෝකේෂ් රාහුල් 46 (පන්දු 40, 4x3)
සහීර් ඛාන් 2/26 (පන්දුවාර 4)
කුරේ ඇන්ඩර්සන් 2/18 (පන්දුවාර 1)
මුම්බායි ඉන්දියන්ස් 157/7 (පන්දුවාර 20)
කිරන් පොලාඩ් 78 (පන්දු 48, 4x3, 6x6)
අම්බති රයිදු 35 (පන්දු 27, 4x5)
බුවනේෂ්වර් කුමාර් 2/17 (පන්දුවාර 4)
ඩේල් ස්ටේන් 2/20 (පන්දුවාර 4)