මේ වන විට ආබාධයකට ලක්ව ඇති ලසිත් මාලිංග එයින් සුව වෙන වෙලාව ඉදිරියට දැක ගත හැකි වෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවැසීය. අද (05දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම මාලිංගට සුව වෙන්නේ කුමන තරග තිබෙන විටදැයි ඒ වන විට බලාගත හැකි වෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙහිදී මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්නයන්ට පිළිතුරු දුන් අරවින්ද ද සිල්වා.
Q ඔබේ තීරණය සම්බන්ධව ලසිත් මාලිංග දැඩි විවේචනයක් එල්ල කර තිබුණා. ඒ පිළබඳ ඔබේ අදහස?
“ඇත්තෙන්ම එයා නායකයෙක් වෙලා ඉන්න වෙලාවේ මම තේරීම් කමිටුවේ හිටියේ නෑ. මම බංගලාදේශයට ගියේ ආරාධනාවක් මත සම්මානයක් දෙන්න. ඇත්තෙන්ම එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ කියලා කියනවා නම් ඒක මම හිතන්නේ ඒක දැනගන්න පුළුවන් හොයලා බලලා. මොකද මම කැමති නැහැ කවදාවත් කි‍්‍රකට් කණ්ඩායමක් ඇතුලේ තියෙන ප්‍රශ්නයක් එළියට දෙන්න.
ඒක හරියට පවුලක් ඇතුලේ තියෙන ප්‍රශ්නයක් වගේ. මම කවදාවත් ආස නෑ කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් තියෙන බලපෑමකට. මම කියනවා නම් කියන දෙයක් මූණට කියනවා. එයත් ඒක දන්නවා. මම කියන්න ඕන දේ කතා කරලා කිව්වා. මම කවදාවත් පස්සට ගිහිල්ලා පස්සෙන් කතා කරන ජාතියේ මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම කැමති නෑ කණ්ඩායමේ බලපෑමක් මත හරියට සෙල්ලම් කරන්න බැරිනම් ඒකට අවස්ථාවක් දෙන්න.
ඒකට මම මැදිහත් වෙලා තමයි මම තීරණයක් ගත්තේ. ඒක එක්කෙනෙක්ගේ තීරණයක් නෙමේ. සමහර වෙලාවට කී‍්‍රඩකයන්ගේ හොඳ පැත්තේ ඉන්න කී‍්‍රඩකයන් කියන දේ අහලා ඒගොල්ලන්ට ඔළුව පහත් කරන්නේ. මම හිතන්නේ හරි දේ කරන්න කාටවත් ඔළුව පාත් කරන්න ඕන නැහැ. තමන් තීරණයක් ගන්නවා නම් හිතට එකඟව ඒ තීරණය ගන්න බය වෙන්න ඕන නැහැ. මොකක් හරි බාර ගන්නේ දිගු කාලීනව ඉන්න නෙමේ. මට යන්න කිව්වොත් මම අතහැරලා යනවා.
මොකද මම එන්නේ උදව්වක් කරන්න වෙනදෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. මෙය රට වෙනුවෙන් කරලා යන්නයි භාරගත්තේ. එයා කියපු දේවල් ඇත්තද නැත්තද කියලා අපිට තියෙනවා එයාගේ ඊ මේල් එකකින්ම. මට එයාට ප්‍රශ්නයක් ඇති කරන්න ඕන නැහැ. මොකද අවුරුදු ගාණක් ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ එයාලට කි‍්‍රකට් ගහලා එන්න අරින්න. එයාට හොඳ අනාගතයක් තියෙනවා. මම කවදාවත් ඒක කඩාකප්පල් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ඒ ළමයට අනාගතයක් තියෙනවා...”
Q ඔහු චෝදනා කළා ඔබ ඔහුව කණ්ඩායමට යෝජනා කළේ ඔහුගේ අකමැත්ත මත කියලා. පත්තරේ ආටිකල් එකතුත් ගියා. ඔහු කිව්වා එපා කියද්දී, ඒ සංචාරයට යන්න බෑ කියද්දී ඔබ ඔහුවතෝරාගත්තා කියලා. ඒකේ සත්‍යතාවයක් තියෙනවද?
“මම ඒක තමයි කිව්වේ අපිට ඊ මේල් එකක් තියෙනවා කියලා එයා නායකත්වයෙන් ඉවත්වෙනවා කියලා. 17 වෙනිදා ඉඳලා එයාට කී‍්‍රඩා කරන්න පුළුවන් කියලා ඊ මේල් එකක් තියෙනවා. ඉතින් ඒක බෝඞ් එකෙත් තියෙනවා. ඕන වෙලාවක ගිහින් ගන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ වගේ අයට අපි ටිකක් අනුකම්පා කරන්න ඕන. ඒ අය කි‍්‍රකට් ගහලා ඒ අයගේ හිතේ අමාරු තියෙන්න ඇති. මොනවාහරි සිදුවුණ දේවල් එක්ක.
අපි හැදුවේ එක මැච් එකක් හරි දෙක්ක හරි ගහන්න පුළුවන් නම් අපේ කණ්ඩායමට හුඟක් ධෛර්යයක්. ඒ වෙලාවේ හිටපු කණ්ඩායම එක්ක බැලුවොත් අපිට හුඟක් සාර්ථකව කී‍්‍රඩා කරන්න අමාරු තත්ත්වෙක කණ්ඩායමක් හිටියේ. ආත්ම විශ්වාසය හුඟක් අඩුයි. ඉතින් ඒ වගේ වෙලාවට අපිට හුඟක් වෙනස්කම් කරන්න විදියක් නෑ. ඉතින් ඒ හින්දා අපි කොහොමහරි එයාව ටීම් එකේ මැච් එකක් හරි,දෙක්ක හරි ගහන්න පුළුවන් කමක් තිබුණා නම් දෙවන වටයටවත් ගෙනියන්න.
එතකොට ආත්මවිශ්වාසයක් ඇති වෙනවා කණ්ඩායම ඇතුලේ. එතකොට ටීම් එකට වාසියක් වෙනවා කියලා හිතාගෙන තමයි අපි තීරණය කලේ. ඉතින් ඒක එයා කිව්වා නම් අපි එපා එපා කියද්දී තේරුවා කියලා 2011 මුරලිගේ කකුලේ අමාරුවක් තියෙද්දී මුරලි කිව්වා කකුලේ අමාරුවක් තියෙනවා කියලා. මම කිව්වා ඔයා කකුල් භාගෙන් ගහන එක හොඳයි වෙන එක්කෙනෙක් ගහනවට වඩා කියලා. ඉතින් ඒ වගේ කට්ටිය එදත් හිටියා, ඒ කට්ටිය පිටියට බැහැලා කී‍්‍රඩා කළා. සියයට සීයක් කැපවීමකින්. ඉතින් මම හිතන්නේ අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔයාලටත් තේරෙයි එයා කොයිවගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ මැචස් තියෙන කොටද කියලා...”
Q ඔබතුමා මාරු කිරීම් කළා. තරගාවලිය පරදුනා. වගකීම ඔබ ඇතුළු කණ්ඩායම බාර ගන්නවද?
“මම සම්පූර්ණයෙන්ම ඒ වගකීම භාරගන්නවා. ඒක කිසිමදේයක බයවෙන්න අවශ්‍ය කාරණයක් නෙවෙයි. අපි හිතට එකඟව සිතුවා මෙය තමයි හොඳම සහයෝගය කියලා. ඒක මම අදත් කියනවා. තිරිමාන්න තමයි අපිට ඉන්න හොඳම කී‍්‍රඩකයා. අපි එයාට සහයෝගය දෙන්න ඕනේ දිගටම ක්‍රීඩා කරන්න. ඒ වගේ ක්‍රීඩකයෙකුට අපි පුළුවන්තරම් සහයෝගය දෙන්න ඕනේ එයාට හිතන්න දෙන්න නරකයි එයා මේ තරගයෙන් අසමත් වුණොත් එයා ඉවත්වෙනවා කියලා. ඒ නිසයි සංගක්කාර, මහේල ඒ වගේ ක්‍රීඩාකළේ. එයාලගේ හිතේවත් කවදාවත් අපේ හිතේවත් තිබුණේ නැහැ මම මේ තරගයෙන් ඉවත් වුණොත් වැටෙයි කියලා. අපි අසමත් වුණොත් අපිට කණගාටුයි. ඒ ඇරෙන්න අපිට වෙන කණගාටු වෙන්න දෙයක් තිබුණේ නැහැ.
ඒ වගේ ක්‍රීඩකයින් දෙදෙනෙක් , තුන්දෙනෙක් අපි තෝරලා අපි ස්ථිර වශයෙන් තියාගන්න ඕනේ ඉස්සරහට. මාවන් බිංදු 06ක් ගහලත් අපි තියාගෙන හිටියා අපි දැක්කා එයාගේ යම් හැකියාවක්. සනත් අසමත්වෙනකොට අපි දැක්කා. නමුත් යම් හැකියාවක් එයාව දිගටම තියාගෙන හිටියා. අර්ජුන හැම වෙලාවෙම බැට් කලා. එයා හැම වෙලාවෙම ගහගෙන ගියා. ඒවගේ තත්වයන් අපි දැකලා තියෙන නිසා තමයි අපි කියන්නේ මේවගේ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නවා අපි ඒ අය දිරිගන්වන්න ඕනේ. මොකද ඉස්සරහට මේ අය තමයි ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න.
ටීම් එකක් තෝරලා යවන්න තිබුණා රෑ12ට කලින්. ඒකට හදිස්සියෙම ඇවිත් මගෙන් ඇහුවා පුළුවන්ද කියලා. මම අකමැති වුණා ඒ වෙලාවේ ඒක භාරගන්න. මම ඊට දවස් දෙකකට කලින් බංගලාදේශ වල කුසලානයක් දෙන්න ආරාධනා කරලා තියෙන වෙලාවේ කණ්ඩායමේ කට්ටිය මම කවදාවත් දැකලා නැහැ. අමනාපයෙන් ඔළුව පහත් කරන් ඉන්නවා. ඒ නිසා මම කිව්වා මම අප්‍රේල් 30 වෙනකන් විතරක් කරන්නම් කියලා මේක භාරඅරන්. එදාට ඉස්සෙල්ලා කණ්ඩායම නම්කරලා යවන්න තිබුණා මොකද ඇතුලේ තිබුනා බලපෑම් වගයක්. ඒක ගැන බංගලාදේශයේ දී දැනගන්න ලැබිච්ච කාරණය මත තමයි මම බාරගත්තේ. ඉතින් මම ඉන්නේ අප්‍රේල් 30 වෙනිදා වෙනකන් විතරයි කියලා ස්ථිරවම කියලා තමයි මම ඒක බාරගත්තේ”