ආබාධයකට ලක්ව එයින් සුවය ලබා පන්දුවාර විස්සයි20 තරග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රඩක ලසිත් මාලිංග හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ද එංගලන්තයේදී මාධ්‍ය වෙත පවසා ඇත්තේ ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට එක්වීමට උනන්දුවෙන් සිටින බවත් ඔහු කණ්ඩායමට පැමිණ නැවතත් දක්ෂතා දක්වනු ඇතැයි කණ්ඩායම අපෙක්ෂාවෙන් සිටින බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතාද පවසා ඇත්තේ මාලිංග කණ්ඩායමට පැමිණීමට උනන්දුවෙන් සිටින බවත් පන්දු යවන්නන් වෙනුවෙන් පවත්වන සාකච්ඡා සඳහාද එක්වෙන බවයි.