පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. තරගය මීර්පූර් පිටියේදී පැවැත්වෙයි. යම් හෙයකින් අද තරගයට වරෂාවෙන් බාධා ඇතිවුවහොත් අතිරේක දිනයක් ලෙස සඳුදා තරගය පැවැත්වෙනු ඇත.
අවසන් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බොහෝදුරට ලසිත් මාලිංගටම හිමිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයකයෙක් අදට පැවැසීය. එසේම කණ්ඩායමේ එක් වෙනසක්ද සිදුවෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව තිසර පෙරේරාට අද අවස්ථාවක් හිමිවනු ඇතැයි ව්ශ්වාස කළ හැකිය. ඉන්දීය කණ්ඩායම වෙනසකින් තොරව අවසන් තරගයටත් පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ දක්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් තරග 19ක් පවත්වා ඇති අතර එයින් තරග 9ක් ඉන්දියාවත් තරග 8ක් ශ්‍රී ලංකාවත් ජයගෙන ඇත. තරග දෙකක් ජයපැරදුමෙන් තොරව අවසන්වී තිබේ.
යම් හෙයකින් අද තරගය ඉන්දියාව ජයගත හොත් පන්දුවාර 20-20 ලෝක කුසලානය, එක්දින ලෝක කුසලානය, හා ශූරයන්ගේ ලෝක කුසලානය යන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සීමිත පන්දුවාර කුසලාන සියල්ලම ඉන්දියාවට හිමිවෙයි.
කෙසේ නමුත් මෙම තරගයෙන් පසුව මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විස්සයි-20 පිටියෙන් සමුගන්නා හෙයින් අද තරගය වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇත.