මාලිංග ගැන දයාසිරි කතා කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විවේක ගැන්වීම පිළිබඳව තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසා සිටි බවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇති බව තේරීම් කමිටුව පැවසූ බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
‘අද’ හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“බංග්ලාදේශ සංචාරයට ඔහු විවේක ගන්වා තිබෙනවා කියා වාර්තා පළවෙනවා. තේරුම් කමිටුවත් සමග සාකච්ඡා කළාම කිව්වේ තරුණ ක්‍රීඩකයන් සම්බන්ධ කර ගත යුතුයි කියලයි.
කවුරුවත් එළියට දාන්නවත්, ඇතුළත ගන්නත් අපට අවශ්‍යතාවක් නැහැ. හතුරුසිංහත් ක්‍රිකට් තේරීම් කමිටුවට පත්වෙනවා. සමහර එළියෙන් තබපු ක්‍රීඩකයන් ගැන මම සාකච්ඡා කළා. මට බලහත්කාරයෙන් නමක් දාන්න අවශ්‍ය නැහැ."යැයි පවසා සිටියේය.
මෙහි සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව හෙට (05දා) අද පුවත්පතින් කියවන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


