අාබාධයක් හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක් නොවූ ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ඔහු තරගාවලියට එක්වීම සඳහා ඉන්දියාවට ගොස් අැත්තේ ක්‍රිකට් අායතනයේ අනුමැතියකින් තොරව බවද වාර්තා වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසන්වරට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසූයේ මාලිංගට අයි.පී.එල්. යාමට අවසර දෙන්නේ ක්‍රිකට් ආයතනය විසින් සිදුකරන යෝග්‍යතා පරීක්ෂණයකින් පසුව බවයි.