ලසිත් මාලිිංග, තම කණ්ඩායම සමග සිය ගමන තව දුරටත් යනු ඇතැයි මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රිකට් කණ්ඩායම සිය ට්විටර් ගිණුමේ සඳහන් කරනවා.
ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම විසින් අත් නොහැර ඔවුන් සමගම තබාගත් ක්‍රීඩකයෙකු ලෙසින් ලසිත් මාලිංග මුල සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පන්දු යවන්නා වී සිටියේ මිචෙල් ජොන්සන් වැනි දක්ෂ වේග පන්දු යවන්නන්ද ඇසුරෙයි. කෙසේ හෝ ලසිත් මාලිංග මෙවර කිසිදු කණ්ඩායමකට අලෙවි නොවීමත් සමග ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇතිවුණා.
කෙසේ නමුත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අලුතින්ම ගත් තීරණය වී ඇත්තේ ලසිත් මාලිංග සිය පන්දු බළඇණියේ උපදේශක ධූරයේ යෙදෙමින් දිගටම තමන් සමග මේ ගමන යනු ඇති බවයි.