නිමාවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවූයේ, මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් දෙදෙනෙකු අතර ඇතිවී තිබුණු බල අරගලය නිසා යැයි මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති සහ හිටපු ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 30 වැනි නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට පමණක් අහිමිවීම ගැන මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සාමාජිකයන් විසින් නඟන මැසිවිලි හා චෝදනා සම්බන්ධව මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාගෙන් විමසීමේදී සභාපති රෝහණ දිසානායක මහතා මෙසේ පැවසීය.
මීට වසර තුනකට පෙර මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වශයෙන් සුජීව ගොඩලියද්ද මහතා තේරීපත් වුණ අතර, එම ලේකම්වරයා හා හිටපු ලේකම් විජේසේකර වලිසුන්දර මහතා අතර අර්බුදයක් හටගෙන එම අර්බුදය අධිකරණය දක්වා ගොස් ඇතැයිද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
"මේ ලේකම්වරු දෙදෙනා අතර, ඇති වුණ බල අරගලය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාවට මහත් හානියක් සිදුවුණා. ඉදිරියේදී නව සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ප්‍රතිසංවිධානය කරනවා"{ යැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඇම්.ඩබ්. සෝමරත්න