මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) 14 වැනි ශ්‍රී ලාංකික යාවජීව සාමාජිකයා බවට පත්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සමත්ව තිබේ.
පසුගියදා (09දා) ඔහුට මාලිබෝන් ක්‍රිකට් සමාජයෙන් මෙම යාවජීව සාමාජිකත්වය පිරිනැමුණු අතර ඔහු ටෙස්ට් තරග 149 කදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,814 ක් රැස්කර තිබේ.
එමෙන්ම 2002 වසරේදී හා 2006 වසරේදී ක්‍රිකට් ලොව රන් දෙවොල ලෙස හැඳින්වෙන එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඔහු ලකුණු 107 ක් හා 119 ක් වශයෙන් පිළිවෙළින් එංගලන්තයට එරෙහිව ශතක රැස්කර තිබේ.
මහේල ජයවර්ධනට අමතරව මෙම වසරේදීසුපිරි පිතිකරු මාවන් අතපත්තු හා සුපිරි වේගපන්දු ක්‍රීඩක චමින්ද වාස්ද මාලිබෝන් ක්‍රිකට් සමාජයේ යාවජීව සාමාජිකත්වය හිමිකරගෙන තිබුණි.
මාලිබෝන් ක්‍රිකට් සමාජයේ 300 කට අධික පිරිසක් ගෞරවාන්විත යාවජීව සාමාජිකත්වය හිමිකරගෙන ඇති අතර එහි සම්පූර්ණ සාමාජිකයන් සංඛ්‍යාව 18,000 කට අධිකය.