මහේලගේ මග පෙන්වීමෙන් මුම්බායි ශූරතාව දිනයි
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2017 වසරේ ශූරයන් බවට පවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (21දා) රාත්‍රියේ සමත්විය. ඒ රයිසින් පූනේ සුපර්ජයින්ට්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමිනි.
හයිද්‍රාබාද් හි පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ට ලකුණු 129ක් රැස්කළේය. ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව කෘනාල් පාණ්ඩ්‍යා (47) විසින් රැස්කළේය.
ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පූනේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළදී රැස්කළ හැකිවූයේ ලකුණු 128ක් පමණි. නායක ස්ටීවන් ස්මිත් (51) අර්ධ ශතකයක රැස්කළත් එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ජොන්සන් පන්දුවාර 4 තුළදී ලකුණු 26ට කඩුලු තුනක් දවාගත් අතර ජස්ප්රීටී බුම්රාද පන්දුවාර 4 තුළදී ලකුණු 26ට කඩුලු 2ක් දවාගත්තේය. එසේම ලසිත් මාලිංග නියමිත පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ ලකුණු 21ක් පමණි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ශූරතාව දිනාගත්තේ තෙවැනි අවස්ථාවටය. තරගයේ වීරයා ලෙස කෘනාල් පාණ්ඩ්‍යා සම්මාන ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

