මහේල හේරත් එක්දින තරගාවලියෙන් විවේක ගන්වයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් මහේල ජයවර්ධන හා රංගන හේරත් විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත. නමුත් ඔවුන් දෙදෙනාම විස්සයි20 තරගාවලියට ක්‍රීඩාකරනු ලබයි. තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ මස 12 වැනිදා ආරම්භවන අතර, තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 17 වැනිදා ආරම්භවේ. නම්කරනු ලැබූ එකදින හා විස්සයි20 සංචිත පහතින් දැක්වෙයි.
එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, අශාන් ප්‍රියන්ජන්, කිත්රුවන් විතානගේ, ඇන්ජලෝ පෙරේරා, ලසිත් මාලිංග, තිසර පෙරේරා, නුවන් කුසසේකර, සුරංග ලක්මාල්, සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න
විස්සයි20 සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), ලසිත් මාලංග (උප නායක), තිලකරත්න ඩිල්ශාන්, කුසල් ජනිත් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ඇන්ජලෝ පෙරේරා, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

