කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (23දා) රාත්‍රියේ පැවැති තරගයකින් මහේල ජයවර්ධන නියෝජනය කරන ජැමෙයිකා ටලවාස් කණ්ඩායම පරාජය කර ලකුණු 16 ක ජයක් ලැබීමට ඩිල්ෂාන් මුණවීර නියෝජනය කරන බාබඩොස් ට්රයිඩෙන්ස් කණ්ඩායම සමත්විය.
තරගාවලියේ තෙවැනි තරගය ලෙස බාබඩොස්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 161/4 ක් රැස්කිරීමට සමත්විය. ඩිල්ෂාන් මුණවීර පන්දු 25කදී ලකුණු 24 ක් රැස්කිරීමට සමත්විය.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැමෙයිකා ටලවාස් කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු 162 ක ඉලක්කයට පිළිතුරු ලෙස රැස්කිරීමට හැකිවූයේ ලකුණු 145/9 ක් පමණි. මෙම ඉනිමේදී පන්දු දෙකකට පමණක් මුහුණදුන් මහේල ජයවර්ධනට කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. තරගයේ වීරයා ලෙස රොබින් පීටර්සන් සම්මාන දිනාගත්තේය.
බාබඩොස් ට්‍රයිඩෙන්ට්ස් 161/4 (පන්දුවාර 20)
ඩ්වේන් ස්මිත් 56 (53), ශොයිබ් මලික් 43 නොදැවී (29), ඩිල්ෂාන් මුණවීර 24 (25), ජොන්තන් කාටර් 17 (5), අන්ඩ්රෘ රසල් 1/30 (4)
ජැමෙයිකා ටලවාස් 145/9 (පන්දුවාර 20)
ක්‍රිස් ලියෝන් 37 (23), හොරස් මිලර් 30 (25), චඩ්වික් වෝල්ටර් 23 (24), මහේල ජයවර්ධන 0 (2), රොබින් පීටර්සන් 3/26 (4), රවි රාම්පෝල් 2/21 (4), කිරන් පොලාඩ් 2/21 (3)