ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පොලිස් පාපන්දු කණ්ඩායම සමගින් සුහද පාපන්දු තරගයකට පසුගියදා සහභාගී විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පසුගියදා (28දා) පැවැති මෙම තරගයේදී මහේල, ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩාකළ අතර, එහිදී ගෝල 1-1 ලෙස තරගය ජයපැදුමෙන් තොරව අවසන් කිරීමට ඔවුන්ට හැකිවිය.
මෙහිදී ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම ලබාගත් ගෝලය මහේල ජයවර්ධනගේ හා චමින්ද වාස් විසින් වාර්තා කළේය.
ඔවුන්ට අමතරව ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ග්රැහැම් ලැබෝරි, ජීවන්ත කුලතුංග, රුචිර පල්ලියගුරුගේ, චාමිල ගමගේ, නිරෝෂන් බණ්ඩාරතිලක ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා පොලිස් පාපන්දු ක්‍රීඩා සමාජයේ ලේකම් එස්.එස්.පී. පත්මසිරි මුණසිංහ මහතා විසින් මෙය සංවිධානය කරනු ලැබීය.