මහේල නැති ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට
- 18 12 2014
- 09:13
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
නවසීලන්ත කණ්ඩයමට එරෙහිව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙක සඳහා සම්බන්ධ වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17දා) රාත්රියේදී දිවයිනෙන් පිටත්විය.
පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ක්රිස්ට්චර්ච්හිදීත්, දෙවැනි තරගය ජනවාරි මස 3 වැනිදා වෙලින්ටන්හිදීත් පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු පුහුණු තරගය එළැඹෙන 21-22 ක්වීන්ස්ටන්හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව සහභාගීවන පළමු එක්දින තරගාවලිය මෙය වෙයි.
සම්පූර්ණ තරගාවලියට එක්දින තරග හතක්ද ඇතුළත් වේ. ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන අවසන් එක්දින තරගාවලියද මෙය වෙයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, කෞෂාල් සිල්වා,දුෂ්මන්ත චමීර, නිරෝෂාන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, ප්‍රසන්න ජයවර්ධන, තරිඳු කෞෂාල්, ඩිල්රුවන් පෙරේරා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

