ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු හා ජාත්‍යන්තර ක්‍රිකට් තීරකවරයෙක් ලෙස සේවය ලබාදුන් රොෂාන් මහානාම එම තනතුරෙන් හා පූර්ණ කාලීනව ක්‍රිකට්වලට සමුදීමට නියමිතය.
වසර 12 ක් තරග තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සේවය ලබාදුන් මහානාම, තරග තීරක ධුරයට සමුදීමට හේතුව ලෙස ප්‍රකාශ කළේ, සිය පවුල කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීම හා ව්‍යාපාරික කටයුතුවලට පූර්ණ අවධානයක් යොමු කිරීම සඳහා බවයි.
ඒ අනුව රොෂාන් මහානාම මෙම වසර අවසානයේදී තරග තීරක ධූරයට හා පූර්ණ කාලීන ක්‍රිකට්වලින් සමුගැනීමට නියමිතය.
2004 වසරේදී තරග තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ වූ මහානාම මේ වනවිට ජාත්‍යන්තර තරග 222 කට තීරකවරයෙකු ලෙස සම්බන්ධ වී තිබේ.
1986 දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස වර්ණ දිනාගත් මහානාම 1999 දී ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රිකට්වලට සමුදුන්නේය. එහිදී ඔහු ටෙස්ට් තරග 52 ක් හා එක්දින තරග 213 දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.