මහනුවර මහා ක්‍රිකට් තරග සඳහා දින නියම වෙයි
පැවති අර්බුදකාරී තත්ත්වය හමුවේ මහනුවර නගරයේ ප්‍රධාන පාසල් කිහියක් අතර පැවැත්වීමට තිබූ මහා ක්‍රිකට් තරග දින නියමයක් නොමැතිව කල් දැමුණු අතර අදාළ දින මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ත්‍රිත්ව විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන කඳුරට නිල් මහා සටන මාර්තු 16 සහ 17 දෙදින තුළ අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. ශාන්ත සිල්වෙස්ටර් සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වෙන සුරතලුන්ගේ සංග්‍රාමය මාර්තු 21 හා 22 දෙදින තුළ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.
එසේම දැනට කිංස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය මාර්තු 16 සහ 17 දෙදින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වන අතර එය හෙට(13දා) දීනයේදී නිශ්චිතව ප්‍රකාශයට පත් කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

