www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ අපරාජිකත්වය පස්වැනි සතියේදීත් රැක ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය. ඒ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පරදා ලකුණු 24-12 ක ජයක් හිමිකර ගනිමිනි.
කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර් ඇන්ඩ් එෆ්.සි. පිටියේදි පැවති තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ මහනුවර ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විටදී ලකුණු 12-05 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.
අධික වර්ෂාව මධ්‍යෙය් පැවති තරගයේ දෙවැනි අර්ධය තුළදීත් මහනුවර කණ්ඩායම දැක්වූ සාර්ථක ක්‍රීඩා විලාශය තරගයේ ජයග්‍රහණය ඔවුන්ට හිමිකර දීමට ප්‍රභල රුකුලක් විය.
ගෝල දිනුම් දෙකක් හා උත්සාහක දිනුම් දෙකකින් මහනුවර ලකුණු රැස් වද්දී. ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් සී.ආර්. ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවීය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd