ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය පිළිබඳව අවධානය යොමු කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුවන්නේ දෙවැනි පෙළ ටෙස්ට් තරග සඳහා බව එංගන්ත හිටපු නායකයෙකු වෙන මයිකල් වෝන් සඳහන් කරයි.
එංගලන්තයේ ටෙලිග්රාෆ් වෙබ් අඩවියට ලිපියක් ලියමින් ඔහු ඒ සඳහා වන හේතු ඉදිරිපත් කර තිබේ. පළමු ටෙස්ට් තරගයේ සිටම ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය එක් පැත්තක තරගයක් බවට පත්ව ඇතැයි පෙන්වා දෙන මයිකල් වෝන් පවසන්නේ එම තරගයේදී කණ්ඩායම් දෙක සංවර්ධන අවධියේදී අන්ත දෙකක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබූ බවයි.
“එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියටම යාමේ මාර්ගයට අවතීරණ වෙලා තියෙන්නේ. ඔවුන්ට අතිවිශේෂ තරුණයන්ගේ පලපුරුද්ද ලැබී තිබෙනවා. මේ කණ්ඩායම තමන්ගේ තත්ත්ව යටතේ (එංගලන්ත කණ්ඩායම එංගලනත්යේදී) පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ශ්‍රී ලංකා කණ්ඩායම පලපුරුද්දෙන් අඩු කණ්ඩායමක්.ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රීඩාවට අවතීරණ වෙමින් තිබෙන්නෙ. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනවා දකින්නට ලැබීම සතුටක්. ටෙස්ට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මෙවැනි එක් පැත්තක ටෙස්ට් නැවැත්විය යුතුයි.
ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයක. එංගලන්ය හා ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායම්වලට පරදිනවාට වඩා ඔවුන් ඔවුන්ගේ තත්ත්වයට ගැළපෙන කණ්ඩායම් සමග ක්‍රීඩා කළ යුතුයි. ඒක ඔවුන්ගේ තරුණ ක්‍රීඩකයන්ට හොඳ දෙයක් වේවි. මේක කළ හැක්කේ කාණ්ඩගත කිරීමෙන්. අපි හොඳ කණ්ඩායම් සෑමවිටම හොඳ කණ්ඩායම් සමග ක්‍රීඩා කරනවායි බැලිය යුත්තේ.
සමහර ක්‍රීඩකයන් වගේම සමහර ප්‍රේක්ෂකයෙනුත් අසාවි අපි දිනද්දි ඇයි ඔබ කනගාටු වෙන්නෙ කියා. නමුත් මම බලන්නේ කවුද දිනන්නේ, කවුද පැරදෙන්නේ කියන එක නෙමෙයි. මම කනගාටුවෙන්නෙ ටෙස්ට් ක්‍රීඩාව ගැන” යැයි ඔහු පවසයි.