(VIDEO) 2013 වසරේ පැවැති බිග් බෑෂ් ලීග තරගාවලිය ඔබට මතක නම් එම තරගාවලියේදී ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් හා ඊයේ තරගයේ වීරයා වූ මාලන් සැමුවෙල්ස් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. එමෙන්ම ඉන්දීය කණ්ඩායම හා පැවැති තරගයේදී සැමුවෙල්ස් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමත් සමගින් නැවතත් වෝන්, සැමුවෙල්ස් දෙකේ කොලයට දමා කතා කළා.
වෝන් හා සැමුවෙල්ස් අතර 2013දී සිදු වූ ගැටුම
VIDEO
මේ සියල්ලටම පිළිතුරු දීමට සැමුවෙල්ස් ඊයේ කටයුතු කළේ ලෝක කුසලාන තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීයි. පා ආවරණද ඉවත් නොකට මාධ්‍ය හමුවට පැමිණි සැමුවෙල්ස් සිය පාද දෙක මේසය උඩ තබාගෙන වෝන්ට පිළිතුරු දීම ආරම්භ කළා.
"වෝන්ට මගෙත් එක්ක ප්‍රශ්නයක තියෙනවා. මම දන්නේ නෑ ඒක මොකක්ද කියලා. මම කවදාවත් ඔහුට අගෞරව කරන්නේ නෑ. මා ගැන ඔහු අඛණ්ඩව කතා කරන දේවල් මම අගය කන්නේ නෑ. ඒ වගේම ඔහු කරන දේවලුත්. මේ උදෑසන මම අවදිවුණාම මගේ මනසේ එක දෙයක් තිබුණා. වෝන් අඛණ්ඩව කතාකරමින් හිටියේ. මට කියන්න ඕන මේක වෝන් වෙනුවෙන්. මම පිත්තෙන් පිළිතුරු දුන්නේ මයික්රෝෙෆා්නයෙන් නෙමෙයි."
සැමුවෙල්ස් ලෝක කුසලානයෙන් පසුව වෝන්ට දුන් පිළිතුරු
VIDEO
VIDEO