එක්දින තරග 300 ක් තරග තීරකවරයෙකු ලෙස කටයුතු කළ ලොව පළමු තීරකවරයා ලෙස පත්වීමට ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලේ සමත් විය. ඒ පසුගියදා නිමාවට පත්වූ එංගලන්ත පාකිස්තානු දෙවැනි එක්දින තරගයේදීය.
1994 දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙස පත්වීම් ලබන මඩුගල්ලේ මහතා 2001 වසරේදී සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.
56 හැවිරිදි වියේ පසුව මඩුගල්ලේ මහතා ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග 21 ක් සහ එක්දින තරග 65 කට සහභාගි වී තිබේ. 1979 වසරේ සිට 1989 දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු 1987/1989 කාලවකවානුව තුළ නායකත්වයද හෙබවීය. එමෙන්ම දෙවරක් ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙසද ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලබාදුන්නේය.
වැඩිම තරග ප්‍රමාණයක් නියෝජනය කළ තරග තීරකවරුන්
ටෙස්ට් තරග එක්දින තරග
රන්ජන් මඩුගල්ල (ශ්‍රී ලංකාව) 159 300
ක්‍රිස් බ්‍රෝඩ් (එංගලන්තය) 72 268
ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය) 74 224
රොෂාන් මහානාම (ශ්‍රී ලංකාව) 60 222
ජවගාල් ශ්‍රීනාත් (ඉන්දියාව) 33 172
ඇන්ඩ් පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ) 43 115
ඩේවිඩ් බූන් (ඔස්ට්‍රේලියාව) 28 79