විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්රීඩාංගණයේ හෙට (03) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්රී ලංකා හිටපු ක්රීඩකයන් වන කුමාර ධර්මසේන මහතා ප්රධාන විනිසුරුවකු ලෙසද, රංජන් මඩුගල්ල මහතා තරග තීරකවරයා ලෙසද නම් කර තිබේ.
1996 ලෝක ශූර ශ්රී ලංකා පිලේ සාමාජිකයකු ද වන කුමාර ධර්මසේන මහතා 2015 එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ද විනිසුරුවකු ලෙස කටයුතු කළේය.
අන්ත්ජාතික ක්රිකට් සභාවේ තරග තීරක මඩුල්ලේ ප්රධානියා වන රංජන් මඩුගල්ල මහතා මීට පෙර ද මෙවැනි ප්රධාන තරගාවලි රැසක අවසන් මහ තරගයේ තරග තීරක ලෙස කටයුතු කර තිබේ.
තරගයේ අනෙක් ප්රධාන විනිසුරු ලෙස ඕස්ටේ්රලියානු ජාතික රෝඩ් ටකර් ද, තෙවැනි විනිසුරු ලෙස දකුණු අප්රිකානු ජාතික මරායස් එරස්මස් යන මහත්වරු ද කටයුතු කරති.