පාපන්දු ක්‍රීඩාවේ වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට වර්ෂ කීපයක් ඉහළින්ම සිටි එංගලන්තයේ ඩේවිඩ් බෙකම්ගේ ආදායම 10෴ කින් පමණ පහත වැටී තිබේ. ඒ සඳහා මූලිකම හේතුව වී ඇත්තේ ඔහු පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමයි.
පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ඔහුට ලැබෙන අනුග්‍රාහක ගිවිසුම්හි අඩුවීමක් දන්නට ලැබීම මේ සඳහා බලපා ඇති ප්‍රධානතම හේතුව වෙයි. පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව බෙකම් පාපන්දු පිටියට සමුදුන් අතර, ඒ වනවිට ඔහු පැරිස් සෙන්ට් ජර්මයින් කණ්ඩායමට ක්‍රීඩා කළේය.
එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමෙන් බෙකම්ට ලැබුණු වැටුප ඔහු පුණ්‍යායතනයක් සඳහා යොදවනු ලැබීය.